විස්සයි විස්ස පිටියේ සුපිරි දවාගැනීම (VIDEO)

ක්‍රිකට් ලෝකයේ සුපිරි සිදුවීම් අතරට එක්වූ නවතම අවස්ථාව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඇසිල්ලක වේගයකින් සුපිරි පිතිකරුවෙකු දුවද්දී දැවී යාමකට හසුකරගන්නා අවස්ථාවක්.

Sydney Sixers සහ Melbourne Renegades අතර BBL තරඟාවලියේ ඊයේ පැවති තරඟයේදීයි මෙම සුවිශේෂ අවස්ථාව වාර්තා වන්නේ.

එක් අතකින් පන්දුව රැකගෙන ඇසිල්ලකින් එය කඩුල්ලට එල්ලකරමින් Melbourne Renegades කණ්ඩායමේ නායකයාගේ AJ Finch ගේ සුපිරි ඉනිම අවසන් කිරීමට සමත් වන්නේ JJ Roy විසින්.

බොහෝ පිරිසක් මෙය හැඳින්වූයේ ක්‍රිකට් පිටියේ සුපිරි පලිගැනීම ලෙසයි.

Sydney Sixers කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි JJ Roy ගේ උඩපන්දුව AJ Finch විසින් රැකගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ Sydney Sixers හට රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 111ක් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල Melbourne Renegades පන්දුවාර 15 කදී කඩුලු 8 කින් තරඟය ජයගත්තා.

බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ JJ Roy ගේ සුපිරි දවාගැනීම මෙන්න.

Comments

comments

more recommended stories